ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ රැකියා වෙළඳපොල

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කීර්තිමත්ම පීඨය වන කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ උපාධිධාරීන්ගේ රැකියා අපේක්ෂාවන් සහ රැකියා වෙළඳපොල පිලිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදුකෙරුණු සමීක්ෂණ ප්‍රතිපල මත පදනම්ව සම්පාදනය වන ලිපියකි. මෙහිදී එක් එක් වැදගත් කරුණු කිහිපයක් සාරාංශයක් ලෙස ඉදිරිපත් කෙරෙනු ඇත. සමීක්ෂණ ප්‍රතිපල අනුව මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ උපාධිධාරින්ගෙන් 23.5 % රැකියාලාභී වන අතර කළමනාකරණ පීඨයේ ඒම අගය 63% කි. සමස්ත සමීක්ෂණයේ නියැදියෙන් 52 % කළමනාකරණ පීඨයේ ය. මෙම ලිපියෙන් කළමනාකරණ පීඨයට අදාළ දත්ත කරුණු ලෙස ඉදිරිපත් කරමි.මෙම සමීක්ෂණයට උපාධිධාරීන් 1521 ක් නියැදිය වී ඇත. 




01.කළමනාකරණ පීඨයේ 10 % උපාධිධාරීන් ප්‍රථම පන්ති උපාධියක්  ලබාගන්නා බව හා 23.3 % ට සාමන්‍ය උපාධියක් හිමිවන බව මෙම නියැදිය මගින් අනාවරණය වී ඇත.

02.උපාධිධාරීන් 63 % රැකියා නියුක්ත වන අතර ඌන රැකියා නියුක්ත ප්‍රතිශතය 16 % කි.

03.කාන්තා උපාධිධාරීන් රැකියා නියුක්ත වී ඇති ප්‍රතිශතය 56% වන අතර පිරිමි පාර්ශවය සඳහා එය 70% කි.

04.ප්‍රථම පන්ති උපාධිධාරීන් 65.8% රැකියා නියුක්ත වන අතර , සාමන්‍ය උපාධිධාරීන් සඳහා ඒම අගය 68.2 % කි. ප්‍රථම පන්ති උපාධිධාරීන්ගෙන් 21% ම ඌන රැකියා නියුක්ත වන අතර රැකියා විරහිත අගය 12 % කි.

05.උපාධිධාරීන්ගෙන් 65% ක් අමතරව වෘත්තීමය විභාග වලට පෙනී සිට සුදුසුකම් සපුරාගෙන තිබෙන අතර 55% ක් උපාධිය ට අමතරව වෘත්තීය පුහුණුව ලබාගෙන ඇත.

06.කළමනාකරණ පීඨයේ උපාධිධාරින්ගෙන් 75%ක්ම උසස්පෙළ හදාරා ඇත්තේ ජාතික පාසල් වලිනි. අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වලින් උසස්පෙළ හදාරා ඇති ප්‍රතිශතය 6% වන අතර ඔවුන්ගෙන් 80 % ක්ම සේවා නියුක්ත තත්වය හිමිකරගනිද්දී ජාතික පාසල් වලින් උසස්පෙළ හැදෑරුවන්ගෙන් රැකියා නියුක්ත වන පිරිස 61%කි.

07.පරිගණක සාක්ෂරතාවය ගත්කල 93%කටම ඔෆිස් පැකේජ් හැසිරවීමට හැකි අතර ඔවුන්ගෙන් 62.5 % රැකියා නියුක්ත වෙයි. පරිගණක ක්‍රමලේඛන දැනුම ඇත්තේ 14% පමණ වන අතර ඔවුන්ගෙන් 70 %ක් රැකියා නියුක්ත වේ.

08.ඉංග්‍රීසි භාෂා නිපුණත්වය අනුව රැකියා නියුක්ත ප්‍රතිශතය 60 % සිට 63% දක්වා ඉහල ගොස් ඇත.

09.රැකියා නියුක්තිකයින්ගේ සාමාන්‍ය අපේක්ෂිත වැටුප රු.40000 ත් 50000 ත් අතර වේ.

10.පෞද්ගලික හැඳුනුම්කම් මත 28%ක පමණ ප්‍රතිශතයක් රැකියා සොයාගනිද්දී පුවත්පත් මගින් රැකියා සොයාගත් පිරිස 24%ක්ද අන්තර්ජාලයෙන් රැකියා සොයාගත් ප්‍රතිශතය 17%ක් ද වේ.

ඉහත කරුණු වලට අමතරව එක් එක් අධ්‍යනාංශ වලට සුවිශේෂ වූ ඇතැම් ප්‍රතිපල කිහිපයක්ද එම සමීක්ෂණය මගින් අනාවරණය කරගෙන ඇති අතර ඒවායින් කිහිපයක් පහත පරිදි ය.

11.ඉහලම රැකියා නියුක්ත ප්‍රතිශතයක් පෙන්නුම් කරන්නේ මානව සම්පත් කළමනාකරණ (HRM) උපාධිධාරින්ය. ඒ 77.3 % ප්‍රතිශතයකි. අඩුම රැකියා නියුක්තියක් පෙන්නුම් කරන්නේ වාණිජවිද්‍යා (BCOM) උපාධිධාරින්ය. ඒ 50.6%කි. මීට අමතරව ඉහලම ඌන රැකියා නියුක්තියක් පෙන්නුම් කරන්නේ ගණකාධිකරණ(ACCOUNTING) උපාධිධාරින්ය. ඒ 30.4% කි. 

12.උපාධිධාරින්ගෙන් 13% පමණ මසකට රු.40000 ට වැඩි වැටුපකට හිම්කම් කියන අතර බහුතරයකගේ සාමාන්‍ය වැටුප රු.20000 - 30000 වේ. එමෙන්ම දේපල කළමනාකරණ හා තක්සේරුකරණ (VALUATION) උපාධිධාරීන් බහුතරයකගේ වැටුප සාපේක්ෂව පහල මට්ටමක (10-20) පවතින අතර අලෙවි කළමනාකරණ (MARKETING) සහ තොරතුරු තාක්ෂණ (BIS) උපාධිධාරීන් සාපේක්ෂව වැඩි වැටුප් වලට හිම්කම් කියයි.


මෙම සමීක්ෂණ ප්‍රතිපල මත පදනම්ව නිකුත්කෙරුණු නිර්දේශ මෙතනින් 


Note: Only a member of this blog may post a comment.