සයිබර් අවකාශය තුල වෘත්තීමයභාවය (Being Professional in Cyber Space)

විද්‍යාර්ථීන් ලෙස ඔබ ද අනාගතයේදී රැකියා අපේක්ෂිත තරුණයෙකු තරුණියක ලෙස සමාජගත වීමේදී වෘත්තීමයභාවය ආරක්ෂා කරගැනීම වැදගත් වේ. සයිබර් අවකාශය තුල සැරිසරන්නෙකු  ලෙස ඒ සඳහා සමාජජාල වල ඉවහල් වීමත් , විශේෂයෙන්ම ලින්ක්ඩ්ඉන් ගිනුමක සුවිශේෂතා පිළිබඳවත් වැදගත් කරුණු කිහිපයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි.

බොහෝ දෙනෙකු හට සමාජ ජාල කිව් සැනින් මතකයට නැගෙන්නේ ෆේස්බුක් සමාජ වෙබ් අඩවියයි. නමුත් ලෝකයේ ජනප්‍රිය වෙබ් අඩවි රැසක්ම සමාජජාල කුලකයට ඇතුලත් වේ.


මෙහිදී යහළු මිත්‍රාදීන් සමග සම්බන්ධ වීමට වඩාත් ජනප්‍රිය ෆේස්බුක් වෙබ් අඩවිය වන අතර, ජනප්‍රිය පුද්ගල චරිත සහ ක්ෂණික පුවත්(Breaking News) සඳහා වඩාත් ප්‍රසිද්දියක් උසුලන්නේ ට්විටර් වෙබ් අඩවියයි. නමුත් බොහෝ තරුණයින් අතර අප්‍රකට ලින්ක්ඩ්ඉන් වෙබ් අඩවිය ගැනයි මේ.

www.linkedin.com වෙබ් ලිපිනය ඔස්සේ පිවිසිය හැකි මෙම ලින්ක්ඩ්ඉන් වෙබ් අඩවිය යනු ලොව විශාලතම වෘත්තිකයින්ගේ සමාජජාලයයි. ලොව විවිධ වෘත්තිකයින් තම වෘත්තීමය සහචරයන් සමග සම්බන්ධතා පැවැත්වීමට පමණක් නොව රැකියා අපේක්ෂිතයින් , එනම් රැකියාලාභීන් අතර සම්බන්ධතා ගොඩනගාගැනීම ද මෙම වෙබ් අඩවිය හරහා සිදුකරයි. ඕනෑම ලින්ක්ඩ්ඉන් ගිණුමක් හිමි අයෙකුට වෙබ් අඩවිය හරහාම තමාගේ කැමති රැකියා අවස්ථා වලට අයදුම් කිරීමේ අවස්තාව ද මෙහිදී පවතී.

මෙවැනි ලින්ක්ඩ්ඉන් ගිණුමක් නිසියාකාරව පවත්වාගෙන යන්නේ කෙසේද? ඔබගේ ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිල් එක සම්පූර්ණ කරන්නේ කෙසේද යන ප්‍රශ්න වලට පිළිතුරු කිහිපයක් පහත දැක්වේ.
01. Profile Picture
ඔබ අනෙකුත් සමාජ ජාලයන් මෙන් නොව මෙහිදී භාවිතා කල යුත්තේ ඔබව  වැදගත් අයුරින් පෙන්වන ඔබගේ සැබෑ ඡායාරූපයකි. බොහෝවිට පාස්පෝට් මාදිලියේ පොටෝ එකක් හෝ පසුතලය පැහැදිලි හා පියකරු පෙනුමක් සහිත ඡායාරූපයක් මේ සඳහා වඩාත් යෝග්‍ය වේ. විකාරරූපී ඡායාරූ හෝ කාටුන් චරිතයක රූපයක් නම් කිසිසේත්ම ගැලපෙන්නේ නැත. උදා :

02. Summary
සාරාංශය කිවූ සැනින් බොහෝ දෙනෙකු වචන කිහිපයකින් තමා පිලිබඳ විස්තරයක් ඉදිරිපත් කිරීමට යොමු වුවද , එම ඉඩ වෙන්කර ඇත්තේ ඔබේ ලොකුම කතන්දරය කීමටය. එනම් ඔබ ගැන කිවයුතු විස්තර සියල්ල ඇතුලත් කල යුත්තේ මෙහිය. මේ සඳහා අකුරු 2000ක ඉඩක් වෙන්කර ඇත්තේ ද එබැවිනි. එබැවින් තනි වාක්‍යයකට සීමා නොවී රැකියා යෝජකයින්ට තමා පිලිබඳ කිවයුතු සියල්ල උචිත අන්දමින් සහ නිවැරදි භාෂා හැසිරවීමක් සහිතව ඉදිරිපත් කිරීමට මෙය යොදාගන්න. Example summary Here
03. Adding Connections
ෆේස්බුක් හෝ ට්විටර් මෙන් නොව ලින්ක්ඩ්ඉන් තුල මිතුරන් තෝරාගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය. එහිදී ආවට ගියාට හෝ හැඳුනුම් කමට නොව දිනපතා යාවත්කාලීන වන මිතුරු ගිණුම් සහ, සේවා යෝජකයින් තම ජාලයට ඇතුලත් කරගැනීම උචිතය. එමෙන්ම තමාගේ අභිමතයන් හා කුසලතා වලට අනුයාතව පුද්ගල චරිත හෝ සේවා ආයතන වල ගිණුම් ෆලෝව්  කිරීමද වැදගත්ය.

04. Complete Profile 
මෙහිදී ලින්ක්ඩ්ඉන් ගිණුම හැකිතාක් දුරට සම්පූර්ණ කිරීමද අතිශය වැදගත් වනවා. නිවැරදි අධ්‍යාපනික දත්ත, රැකියා අත්දැකීම් , කුසලතා ආදී විස්තර නිසියාකාරව සම්පූර්ණ කිරීම තුලින් සම්පූර්ණභාවය Intermediate දක්වා ඉහල නංවා ගත හැකියි. රැකියා වලට වෙබ් අඩවිය හරහා අයදුම් කිරීමේදී ද මෙය උපකාරී වනු ඇත.
මේවන තුරුත් ඔබ පිලිබඳ නොදැන සිටියානම් හෝ ගිණුම යාවත්කාලින නොකර සිටියානම් ඉහත උපදෙස් අනුව එය සම්පූර්ණ කිරීමෙන් වඩාත් වෘත්තීමය පෙනුමක් සහිත ලින්ක්ඩ්ඉන් ගිණුමක් ඔබට ලැබෙනු ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය උපාධිධාරීන්ගේ රැකියා අපේක්ෂා පිලිබඳ ලිපිය කියවන්න මෙතනින් 




Note: Only a member of this blog may post a comment.