Megapolis Master Plan | මෙගාපොලිස් #1

බස්නාහිර පළාත සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල සරලව, සහ විස්තරාත්මකව අධ්‍යයනයක යෙදීමටත් එහි එක් එක් ව්‍යාපෘති ඒවායේ ප්‍රගතිය, සාර්ථකත්වය වගේ කෝණ වලින් ඉදිරිපත් කිරීමටත් ආරම්භ වෙන ලිපි පෙළක ආරම්භක ලිපියයි මේ.

මෙගාපොලිස් යනු බස්නාහිර පළාත (කොළඹ විතරක් නෙමෙයි) ඉදිරි දශකය, ඒ කියන්නේ 2030 වෙද්දී සංවර්ධනය කරන්න බලාපොරොත්තු වන මට්ටමක්. මෙගාපොලිස් සංකල්පය විතරක් ෆෝකස් කරගෙන ස්මාට් සිටි එකක් ගැන විතරක් හීන දකින්න එපා. මේක සංයුක්ත සැලැස්මක්. මේකෙදි ඉස්සරහට කරන්න තියෙන ව්‍යාපෘති වගේම, පසුගිය රජයෙන් ආරම්භ කල ව්‍යාපෘති, දැනටමත් වැඩ අවසන් වූ ව්‍යාපෘති, ක්‍රියාත්මක වෙමින් පවතින සහ යෝජිත ව්‍යාපෘතිත් ඇතුලත්. 

විවිධ ක්ෂේත්‍ර වල දැනුම සහිත පුද්ගලයින්, මහාචාර්යවරුන්ගේ පටන් ව්‍යාපෘති නිලධාරින් දක්වා පුද්ගලයින්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් මේ මෙගාපොලිස් සැලැස්මට ඉන්නවා. 



ඒ වගේම මෙහි ප්‍රධාන අරමුණු කිහිපයක් ද හඳුනාගන්න පුළුවන්. සමරියක් විදිහට ගත්තොත් ඉතින් දැනට දළ දේශීය නිෂ්පාදිතයට කෙරෙන කාර්මික අංශයේ දායකත්වය ඉහල නංවන එක සහ ස්මාට් සිටි එකක ප්‍රතිලාභ ගන්න එක.
අයත් වන ප්‍රධාන ව්‍යාපෘති..

  • Airport City :  කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල ආශ්‍රිතව
  • Logistics City : ගුවන්තොටුපල හා කොළඹ වරාය ආශ්‍රිතව
  • Industrial City : මීරිගම ප්‍රදේශය
  • Plantation City : බස්නාහිර පළාතේ නැගෙනහිර ප්‍රදේශය  
  • Forest City : බස්නාහිර පළාතේ දකුණු කොටස
  • Industrial City : හොරණ ප්‍රදේශය
  • Science and Technology City : හෝමාගම , මාලඹේ ප්‍රදේශ
  • Cental Business District : කොටුව, පිටකොටුව සහ නව වරාය නගරය ආශ්‍රිතව
එක එක ව්‍යාපෘතිය ගැන ඊළඟ කොටසින් අධ්‍යනය කරමු.



Keywords: Megapolis,  Colombo Port City, Colombo Financial City


Note: Only a member of this blog may post a comment.